• ISSO - INTERNATIONAL SOCIAL SERVICE ORGANIZATION - GOVERNMENT GAZETTED APPROVED CHARITY IN SRI LANKA
  • INFO@ISSOLK.ORG
  • International Social Service Organization
DONATE NOW

Nutritious-social-care

ගැබිණි මාතාවන් හා බිළිඳුන් උදෙසා පෝෂණීය සමාජ සත්කාර ව්‍යාපෘතිය

දරුවකු සමාජයට බිහිකිරීම මෙලොව තිබෙන උතුම්ම කාර්යය වේ. දරුවකු පිළිසිඳගත් මොහොතේ පටන් සමාජයේ සෑම කෙනෙකුගේම අවධානය ඒ ගැබිණි මාතාව කෙරෙහි යොමු වේ. කුස තුළ වැඩෙන බිළිඳා නිරෝගි වන්නේ ගැබිණි මව නිරෝගීව සිටියහොත් පමණි. බොහෝ අඩු ආදායම්ලාභී පවුල්වල ගැබිණි මාතාවන්ට නිසිලෙස පෝෂණයක් නොලැබේ. එහි ප්‍රතිඵලය වනුයේ ආබාධිත හා මන්ද බුද්ධික දරුවන් සමාජයට බිහිවීමයි. එය වැලැක්වීමට රුකුලක් වශයෙන් බිළිඳා හා ගැබිණි මාතාව නිරෝගීමත්ව තැබීම සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

 

බිළිඳා පිළිසිඳගත් මොහොතේ පටන්, දරුවා බිහිවන දිනය දක්වා වසරක කාලයක් මවගේ පෝෂණය සඳහා 1kg ක කිරිපිටි පැකට්ටුවක් එක් පවුලක් සඳහා ලබාදෙනු ලැබේ.

බිළිඳා බිහිවුන දවසේ සිට වසර 5ක් යනතුරු නොකඩවා සෑම මසකම බිළිඳා වෙනුවෙන් 1kg ක කිරිපිටි පැකට්ටුවක් පරිත්‍යාග කිරීමට අප සංවිධානය බලාපොරොත්තු වේ. ඒ අනුව එක් පවුලක් වෙනුවෙන් වසර 6ක් සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

අපගේ මෙම සමාජ සත්කාරයෙන් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ගැබිණි මව්වරු පහළොස් දහසක් (15000) මෙන් ම එම අළුත උපන් බිළිඳුන් සඳහා නිරෝගිමත් දරුවන් සමාජගත කිරීමට මෙම ව්‍යාපෘතිය ඉවහල් වේ. අපගේ මෙම වැඩපිළිවෙල හේතුවෙන් මන්දපෝෂණය මෙන් ම මන්ද බුද්ධික දරුවන් ද අප සමාජයට බිහිවීම තරමක් හෝ අඩුවන බව අපගේ විශ්වාසයයි.

මෙවැනි අතිවිශාල සමාජ සත්කාරයන්ට සහයෝගය ලබාදෙන සමාජශීලී මෙන්ම පරාර්ථකාමී පුද්ගලයන්ට හෝ සංවිධානවලට අප හා අත්වැල් බැඳගැනීමට මෙයින් ඇරයුම් කරන්නෙමු.

 

 

DOWNLOAD PROJECT REPORT (SINHALA VERSION)

DOWNLOAD PROJECT REPORT (ENGLISH VERSION)

Translate »